27 April 2024
#දේශීය

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණ හැකි ඉක්මනින් නවීකරණය කරන්න -නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉතාම ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

ඒ මහතා එම අධිකාරියේ ව්‍යාපෘති අංශයට අද (9) උපදෙස් දුන්නේ එම නවීකරණ කිරීමේ කටයුතු අවම වියදමකින් සිදුකරන ලෙසයි.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ සියලුම වෙළඳසැල් වෙත ගිය සභාපතිවරයා වෙළඳුන් සමඟ සුහද කතාබහක නිරතවෙමින් ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳව විමසීය.

මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා උපදෙස් දුන්නේ වෙළඳ සංකීර්ණයේ දෛනිකව එකතුවන කැළි කසල නිසි පරිදි බැහැර කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කර පාරිභෝගිකයන්ට ප්‍රියමනාප ස්ථානයක් බවට පත්කළ යුතු බවයි.

එමෙන්ම රාත්‍රී කාලයේදී වෙළඳ සංකීර්ණයේ අනවසරයෙන් රැඳී සිටින්නන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද සභාපතිවරයා ආරක්ෂක අංශයට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යාපෘති කළමණාකරණ) එන්.ඒ.එස්.එන් නිශ්ශංක, වත්කම් කළමණාකරණ හා අයකරගැනීම් අංශයේ අධ්‍යක්ෂ මංගල සුමනසිරි, පහසුකම් කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ කේ.ඒ අබේරත්න, ව්‍යාපෘති කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ තුෂාරි තිලකරත්න යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *