ශ්‍රායල ගුවන් හමුදාව විසින් දකුණු ලෙබනනය ඉලක්ක කර අද දින සිදු කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ජිහාඩ් කවුන්සිලයේ ප්‍රධානියා ලෙස සැලකෙන මොහොමඩ් හයිදර් (අබු අලි හයිදර්) මියගිය බවට තොරතුරු වාර්තා වේ. මෙම ප්‍රහාරය හිස්බුල්ලා සංවිධානයේ අණදෙන සහ පාලන මධ්‍යස්ථානයක් ඉලක්ක කරගෙන දියත් කර ඇති බව සඳහන් වේ.
කලාපීය ආරක්ෂක ආරංචි මාර්ග පවසන පරිදි, මෙය ඊශ්‍රායල හමුදාවේ සාර්ථක මෙහෙයුමක් ලෙස විස්තර කෙරෙන නමුත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගේ හෝ නිල අධිකාරීන්ගේ නිල තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැත. මධ්‍යස්ථ පෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ, මෙම ඉහළ පෙළේ නායකයා ඉලක්ක කර ගැනීම තීරණාත්මක සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
















