මොනරාගල පිදුරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්, නිවසින් අතුරුදන්වී දින පහකට පසු මහාකළුගොල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ තමන් විවාහ වී ඇති බවට දැනුම් දී තිබේ.
පසුගිය ඉරිදා (අගෝස්තු 23) තම දියණිය නිවසින් අතුරුදන්වී ඇති බවට ඇයගේ පියා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව පොලිසිය විසින් විමර්ශන සිදුකළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ තරුණිය තම පෙම්වතා සමඟ ගොස් ඔහු සමඟ විවාහ වී ඇති බවයි. පසුව ඇය මහාකළුගොල්ල පොලිස් ස්ථානය වෙත ගොස් තමන් විවාහ වූ බව තහවුරු කිරීම සඳහා විවාහ සහතිකය පොලිසියට ඉදිරිපත් කර ඇත.
මහාකළුගොල්ල පොලිසියේ ස්ථානාධිපති අසිත නුවන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශනය සිදු කර තිබේ.
















