මොනරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ, තිස් එකේ හන්දිය ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ මගීන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනි. අනතුරින් තුවාල ලැබූවන් වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















