එල්ලිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මොනරාගල නගරය ආශ්‍රිතව උද්ගතවී තිබෙන ජල ගැටලුව සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා (20) දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් zoom තාක්ෂණය ඔස්සේ පවත්වා තිබේ.
දිස්ත්‍රික්කයේ ආයතන ප්‍රධානීන් සහ ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, නගරය ආශ්‍රිතව පවතින ජල අර්බුදයට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර ඇත.














