රුපියල් කෝටි 110ක් වටිනා අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා ලබන මැයි මස 02 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) අවසර ලබා දුන්නේය. සැකකරුවන් සතු වූ එක් ගමන් මල්ලක අවම වශයෙන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04ත් 05ත් අතර ප්‍රමාණයක් සඟවා තිබූ බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරුවන් එළඹෙන මැයි 02 වැනිදා යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සංවිධානාත්මක ජාවාරම පිටුපස සිටින පිරිස් අනාවරණය කරගැනීම සඳහා මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.














