මොරටුව, ලුනාව මුහුදුබඩ මාර්ගයේ ලුනාව හතරමං හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ මොරටුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ලුනාව හතරමං හන්දියෙන් ‘U’ හැඩයට හැරවීමට උත්සාහ කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















