පාපන්දු කුසලාන තරගාවලිය යටතේ අද (20) බොස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති ‘C’ කාණ්ඩයේ (Group C) මූලික වටයේ තීරණාත්මක තරගයකින් ස්කොට්ලන්තය ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට මොරොක්කෝ කණ්ඩායම සමත් විය. තරගය ආරම්භ වී ඉතා කෙටි වේලාවකින්, එනම් දෙවැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වූ මොරොක්කෝ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක ඉස්මයිල් සයිබාරි (Ismael Saibari) සිය කණ්ඩායම වෙනුවෙන් මෙම ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. තරගයේ අවසන් මොහොත දක්වාම එම ගෝලයේ වාසිය උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමට මොරොක්කෝ ක්‍රීඩකයින් සමත් වූ අතර, ලකුණු සම කර ගැනීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායම අවසන් මිනිත්තුව දක්වාම දැඩි උත්සාහයක නිරත වුවද මොරොක්කෝවේ ශක්තිමත් ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔවුන්ට අවස්ථාවක් හිමි නොවීය.
















