හබරණ සිට කන්තලේ බලා ධාවනය වූ යතුරුපැදියක් සහ කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක් කිතුල්ඔතුව ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් යතුරුපැදිකරු මියගොස්, මෝටර් රථයේ ගමන් කළ ඉන්දීය ජාතික යුවළක් තුවාල ලබා තිබේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ කන්තලේ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි බී.ජී. කවින්ද ජයෂාන් නැමැති යතුරුපැදිකරු කන්තලේ රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමෙන් පසු එහිදී මියගොස් ඇත. අනතුරින් පසු යතුරුපැදියට ගිනි ඇවිළී අසල කැලෑ ප්‍රදේශයකටද පැතිර ගොස් ඇති අතර, හබරණ ගිනි නිවීමේ ඒකකය විසින් එය වහා පාලනය කර තිබේ. අනතුරින් මෝටර් රථය මාර්ගය මැද පෙරළී ඇති අතර, එහි සිටි ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයා සහ කාන්තාව තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇත. ගල්ඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















