ගල්කිස්ස, හුළුදාගොඩ පාරේදී අද (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














