• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු මැද පළාත් ජාතික ‌මහා ක්‍රීඩා උළෙලට යන ක්‍රිඩකයින්ට මන්ත්‍රී දුමින්දගෙන් පාවහන්

27 June 2023
in දේශීය

47 වැනි ජාතික ‌මහා ක්‍රීඩා උළෙලෙහි පිරිමි ක්‍රිකට් තරඟාවලිය සඳහා උතුරු මැද පළාත් කණ්ඩායම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරඟකරුවන් සඳහා අවශ්‍යය ක්‍රීඩා පාවහන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් ඊයේ (26) දින පරිත්‍යාග කරනු ලැබීය.

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඇඹිලිපිටියේදී ඉදිරි දින වලදී පැවැත්වීමට නියමිතය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලලෙහි පිරිමි ක්‍රිකට් තරඟාවලිය සඳහා තරඟ කරන උතුරු මැද පළාත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 11 දෙනෙකුම අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් සඳහා අවශ්‍යය උසස් තත්වයේ ක්‍රීඩා පාවහන් පසුගියදා , දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් විසින් පරිත්‍යාග කරනු ලැබීය.ගලෙන්බිදුණුවැව කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබිණි.

මෙම එක් ක්‍රීඩා පාවහන් යුගලයක් රුපියල් 20 000 කට ආසන්න වටිනාකමකින් යුතු අතර, එවැනි පාවහන් යුගල් 15 ක් ක්‍රීඩකයින් වෙත එහිදී ප්‍රදානය කෙරිණි.

මෙම ක්‍රිකට් කණ්ඩායම කළ ඉල්ලීමකට අනුව අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මැදිහත්වීමෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නාමල් විජේවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩා නිළධාරීතුමන්, අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති තිළිණ නිරෝෂණ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 22
Previous Post

රාජ්‍ය බැංකු විකුණා දැමීමේ අනතුරක් නිර්මාණය වෙලා – මහාචාර්ය අනිල්

Next Post

අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් වෙනවා නම් පක්ෂයක් හැටියට පෙනි සිටිනවා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

editor

editor

Next Post

අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් වෙනවා නම් පක්ෂයක් හැටියට පෙනි සිටිනවා - මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved