• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්නැයි මන්ත්‍රී පියල් කියයි

17 August 2022
in දේශීය

රට ඇද වැටි තිබෙන අර්බුදයෙන් ගොඩගැනීමට වර්තමාන ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික රජයක් බිහි කිරීමට අපේක්ෂා කර ඇති අතර එම සංකල්පය සාර්ථක කර ගැනීමට පටු දේශපාලන සීමාවලින් මිදී රට ගැන සිතා, රටේ අනාගතය වෙනුවෙන් සිතා කටයුතු කිරීම සියලුදෙනාගේ ප්‍රමුඛ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා, “අද මේ වන විට මේ රටේ දරුවෝ එක පැත්තකින් අසරණ තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ වගේම වර්තමානය තුළ ඇති වෙච්ච කොවිඩ් ව්‍යසනය සහ වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදයන් එක්ක දරුවන්ගේ අධ්‍යාපනය ඉතාම ඛේදනිය තත්වයකට පත් වෙලා තිබෙනවා. නමුත් මේ දවස්වල තෙල් ප්‍රශ්නය, විදුලිය ගැන කතා කරනවා. එහෙත් දරුවෝ ගැන කතා කිරීම පිළිබඳව පොඩ්ඩක් ප්‍රමාද කරලා තිබෙනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා මේ සියලු දේවල් කතා කරනවා වගේම මීටත් වඩා දරුවන් වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දෙන්න ඕන. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වෙනවා කියන්නේ කොවිඩ් මරණයකට සමාන විදිහට තමයි මම මාධ්‍ය සාකච්ඡාවලදි සාකච්ඡා කළේ. දරුවන්ට නිවැරදිව අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය කරන කටයුතු අපි සියලුදෙනා එකතුවෙලා ක්‍රියාත්මක කරන්න ඕන. වර්තමානය වන විට අධ්‍යාපන අමාත්‍යතුමා ඒ සම්බන්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි ඒ සඳහා 225 ම සහයෝගය ලබා දෙන්න ඕන. ඒ වගේම වෘත්තිය සංගම්වල සහයෝගයත් මේ අවස්ථාවේදී ලබාදීම ඉතාමත්ම වැදගත් වෙනවා. දරුවෝ අපේ රටේ වටිනාම සම්පතනම් මේ දරුවෝ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන.
දැන් දිගින් දිගටම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළා. නමුත් තාමත් ස්ථීර වශයෙන්ම මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට දායකත්වය දෙන්නේ, මේ දායකත්වය තුළින් ඇද වැටිලා තිබෙන මේ රට ගොඩනගන්නේ කොහොමද පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්න ඕන. මේ වන විට සුබවාදි තත්වයක් උදාවෙලා තිබෙනවා. පක්ෂ එකක්, දෙකක් හැරෙන්න අනෙකුත් පක්ෂ එකගතාවයකට ඇවිත් තිබෙනවා. ඒ වගේම සර්ව පාක්ෂි ආණ්ඩුවක් හදන්න සමහර අය අකමැති නම් සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට ඒ අයගේ දායකත්වය දෙන්න ඕන. හැමදාම විවේචනය විතරක් තිබිලා හරියන්නේ නෑ. දේශපාලන පටු අරමුණු වෙනුවෙන් නම් කටයුතු කරන්නේ මම හිතන්නේ එය ඉතාම කණගාටුදායක තත්වයක් වෙනවා. ඒ තත්වවය උදා නොවෙන්න අපි සියලුදෙනාම සියලු පක්ෂ ආගම්, ජාති, කුල මේ සියලු දේ පැත්තකට දාලා රට සහ ජනතාව ගොඩනගන අරමුණට අපි සියලුදෙනා සම්බන්ධ වෙන්න ඕන. ඒ සම්බන්ධ වීම මම හිතන්නේ හෙට දවසේ අපේ රටේත් රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා අපට ලොකු පිටුවහලක් වෙනවා.
දැන් එකිනෙකා එක එක පැතිවලට, කණ්ඩායම්වලට බෙදිලා විවිධ අවස්ථාවලදි මාධ්‍ය සංදර්ශන දැම්මට දැන් වැඩක් නෑ. රට ඉතාමත් නරක තත්වයකට පත්වෙලා දැන් යම් සුබවාදි තැනකට රට නිර්මාණය වෙමින් යන අවස්ථාවක්. එහිදි සංචාරක ව්‍යාපාරයේ යම් ප්‍රගතියක් තිබෙනවා. ඒ වගේම රට තුළ ඇති වෙච්ච ගැටලු යම් ප්‍රමාණයකින් ඉතාම සුබවාදිව විසඳෙන තත්වයක් තිබෙනවා. හැබැයි මෙය ඉතාම සතුටට කරුණක් කියලා උජාරුවට කතා කළාට වැඩක් නෑ. අපි සියලුදෙනා එකට එකතුවෙලා මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඒ වගේම මේ වෙනුවෙන් කැපවෙන සියලුදෙනාට දායකත්වය ලබා දිය යුතුයි. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසයි.

Post Views: 2
Previous Post

ජාත්‍යන්තර උගුල්වලට අපි හසුවෙලා ඉවරයි – මන්ත්‍රී ආචාර්ය හරිනි

Next Post

සජිත් විවේචන කලාට බලයට එන්න බයයි – මන්ත්‍රී ජගත්

editor

editor

Next Post

සජිත් විවේචන කලාට බලයට එන්න බයයි - මන්ත්‍රී ජගත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved