• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රි රෝහණ දිසනායක රටට ඩොලර් ගේන හැටි කියයි

19 August 2022
in දේශීය

බලශක්ති අර්බුදය විසදා ගැනීම සදහා අවැසි ඩොලර් උත්පාදන ක‍්‍රියාවලිය ගෙන ඒමට මේ මොහතේ අප සියලූම දෙනා එක ඉලක්කයක් කොට ක‍්‍රියාවට නැංවිය යුතු බව මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා රත්තොට නව විවිධ සේවා සමුපකාර සමිතිය ආරම්භ කළ අගයදාම සංවර්ධන ව්‍යාපෘතියේ ආරම්භ කරමිනි.

තවදුරටත් කතා කළ දිසානායක මහතා,” අද වන විට රටතුළ පවතින ව්‍යාකුල තත්ත්වය මත දේශපාලඥයින් දෙස වෛරී හැගීමෙන් බලන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. එහෙත් අපි මහපොළවේ රිද්මය හදුනාගෙන ජනහදවත් තුළ දුක, සතුට වටහාගනිමින් ජීවත්වීමට කටයුතු කරනවා. කුමන මාර්ගයකින් හෝ මේ ආර්ථික අර්බුදයෙන් අපේ මිනිසුන්ගේ හෙට දවස ශක්තිමත් කිරිම අද දවසේ අපි සියලූම දෙනාගේ වගකීමක් වෙනවා. රත්තොට ප‍්‍රදේශය ගත් කළ ලෝකයේ විශිෂ්ඨ නමක් දරා තිබෙන සුළු අපනයන භෝග වලටසහ ලෝක උරුමයක්ව පවතින රිවස්ටන් ජෛව විවිධ කලාපය , සංචාරක කර්මාන්තය වඩාත් යහපත් දිසාවකට යොමුකරවා ගෙන ආර්ථික සම්පත් අත්පත් කර ගැනීමට පුළුවන් ඒ වාගේම මේ ප‍්‍රදේශවලට අන්‍යන්‍ය ග‍්‍රැෆයිට් , ඉල්මනයිට්, වැනි ලෝ දුර්ලභ ඛනිජ වර්ග නිදන්ව තිබෙනවා. මේ ඛනිජ සම්පත් නව තාක්ෂණය යොදාගෙන අලෙවි කිරිම තුළින් පවතින ආර්ථික අහේනි තත්ත්වය කෙටි කාලයකදී නිමා කිරිමට හැකි වෙනවා. එම නිසා අපේ මානව ශක්තීන් උපරිම ලෙස යොදවා ගනිමින් ජාතික නිෂ්පාදන ක‍්‍රියාවලියක් ක‍්‍රියාවට නංවා ගැනීමට කටයුතු කළ යුතුයි. රත්තොට ප‍්‍රදේශ වාසීන්ට අද දින මෙම ආරම්භ කළ කර්මාන්තශාලාව මගින් හොද ආර්ථික වටපිටාවක් ප‍්‍රදේශ වාසීන්ට අත්පත් කර දිය හැකි බව මා විශ්වාස කරනවා.යැයිද ඒ මහතා පැවසිය.

මෙම අවස්ථාවට හිටපු පලාත් සභා මන්ත‍්‍රී මධ්‍යම පලාත් සමුපකාර කොමිෂන් සභාවේ සභාපති ටී.ඞී.ජයතිස්ස , මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න , කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ කලාපීය සම්බන්ධිකාරක නිශාන්ත ගුණසේන , රත්තොට ප‍්‍රාදේශිය සභා සභාපති කුමාරසිරි තෙන්නකෝන්, රත්තොට නව සමුපකාර සමිතියේ සභාපති ප‍්‍රභාත් චමින්ද මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.

 

මහේෂ් කීර්තිරත්න මාතලේ

Post Views: 8
Previous Post

කිතුල් කර්මාන්තය බල ගැන්වීමට මධ්‍යම පළා‍ත් ආණ්ඩුකාරවරයාගේ අවධානය සාර්ථක වේ

Next Post

ගෝඨා යළි දේශපාලනයට පිවිසෙන බව මෙතෙක් කිව්වේ නෑ – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

ගෝඨා යළි දේශපාලනයට පිවිසෙන බව මෙතෙක් කිව්වේ නෑ - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved