• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව මෙගා නාට්‍යයක් රඟදක්වන බව මන්ත්‍රී රෝහිණි කියයි

6 September 2021
in දේශීය

පොහොර නැතිව, වල් – කෘමි – දිලීර නාශක නැති මෙවර මහ කන්නය ‘කුඹුරු පිදුරු‘ කරනු ඇතැයි ද, ආණ්ඩුවේ ‘සාගතයක දැක්ම‘ මෙගා නාට්‍යය රඟදක්වමින් සිටින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පැවසුවාය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රිවරිය කියා සිටියේ පොහොර හිඟය, වල් සහ කෘමි නාශක නොමැති නිසා මහ කන්නයේ වගාව ගොවීන් උනන්දුවක් නොදක්වන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙසේය “කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති තුනකි. වෙනදා දක්නට ලැබෙන පූර්ව වගා සුදානම නැගෙනහිර, උතුරු මැද, මධ්‍ය, ඌව පලාත්වල දකින්නට නැත. හේන් ගිණිතබා, ඇල මාර්ග සුද්ධ කර, පස පෙරලන්නට සුදානම් නැත. ගොවීන් වී සහ හේන් වගාවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බවය. හේන් ගොවීතැනට භුමිය සකස් කිරීම සඳහා මේ වන විට වල් නාශක ලැබී තිබිය යුතුය. ව්‍යාපාරිකයින් හා මහා පරිමාණ වගාකරුවන් රටේම වල් බෙහෙත් නැගෙනහිර ට අදිමින් සිටී. මේ ප්‍රශ්නයට විසඳුම් නෙැලැබෙන්නේ නම් පමාවී මහ කන්නයේ වගා අරඹන උතුරු මැද, මධ්‍යම හා ඌව, උතුරේ ගොවියාට යන එන මං නැති වනු ඇත. බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත. හයිබ්‍රිඩ් බීජවර්ග ආරක්ෂා කර ගැනීම සඳහා කෘෂි රසායන යෙදීම අතශ්‍යවශවේ. කෙටි කාලීන වී වර්ග වල වල් මර්ධනය සඳහා වල් නාශක අත්‍යවශ්‍ය වේ. වී වපුරා හෝ පැල සිටවා දින 3 සිට සති 4 දක්වා කාලය තුල ගොයම් වගාවේ වල් මර්ධනය කළ යුතුය. නැතිනම් වල් පැල පසේ සාරය උරාගෙන ගොයම් ගස දුර්වල වේ. කෘෂි රසායනික නොමැතිව දැනටමත් රජරට කුඹුරු බොල් වී පිදුරු බවට පත්ව ඇත. කුඹුරේ පිදුරු මිස වී නැත. කෘෂි රසායන වෙළඳපොලට නිකුත් නොකරන්නේ නම්, ගොවින් මහ කන්නයේ වගාවෙන් ඉවත්විම වැලැක්විය නොහැකිය. ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට ගෙන්වනු ලැබන කිසිදු ප්‍රමිතියක් නැති කෘෂි රසායන (කෘමි හා වල් නාශක) ජාවාරමක් ඇරඹී ඇත. අධික විශ සහිත වල් නාශක ප්‍රසිද්ධියේම අලෙවි වේ.තනි සමාගමකට කෘෂි රසායන ආයනයන ඒකාධිකාරය ලබාදීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇත. සාධරණ තරඟකාරී වෙළෙඳපොලක් නිර්මාණය කර ගොවියාට පහසුමිලට කෘෂි රසායන ලබා ගැනීමට අවස්ථාව ලැබිය යුතුය. සලාක ක්‍රමයට කෘෂි රසායන ලබාදීමට උත්සහ දැරීම කළු කඩ ක්‍රමයක් නිර්මාණය කරනු ඇත. එමෙන්ම, දිලීර රෝග, කෘමි රෝග සඳහා දිනක් හෝ දෙකක් තුල පිළියම් යෙදිය නොහැකි නම් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වේ. පොහොර සඳහා කාබනික ආදේශක සිමිත ප්‍රමාණයක් හෝ ඇති නමුත්, වානිජ්‍ය වගාවක කෘෂි රසායන සඳහා ආදේශක නොමැති බවත් මහ කන්නයේ දැඩි වර්ශාවක් ලැබෙන බැවින් දිලීර නාශක නොමැතිව වගා කළ නොහැකිය. මීදුම, අධික වැස්ස දින තුනක් – හතරක් තුල නුවරඑළිය, නාවලපිටිය, නකල්ස් කදු පන්තිය, ඉහළ ඌව කලාපයේ එළවළු, පළතුරු, අර්තාපල්, මල් සහ විසිතුරු වගාවන් විනාශ විය හැකිය. රජයේ අදූරදර්ශී වැඩ පිළිවෙල ‘කුඹුරු – පිදුරු‘ කිරීමකි. සාගතයට අත වැනීමකි. මහ කන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම රජයේ වගකීමක් බවද ඇය අවධාරණය කර සිටින්නිය.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 23
Previous Post

ප්‍රවිණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Next Post

කොවිඩ් ව්‍යසනය මැද ජීවිත රැක ගැනීම ප්‍රමුඛ අරමුණයි – සෞඛ්‍ය ඇමැති

editor

editor

Next Post

කොවිඩ් ව්‍යසනය මැද ජීවිත රැක ගැනීම ප්‍රමුඛ අරමුණයි - සෞඛ්‍ය ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved