27 April 2024
#දේශීය

ලබන වසරේදී මගේ කසාදේ වෙයි – මන්ත්‍රී නාමල් කියයි

ලබන වසරේදී තමාගේ විවාහය සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.  පෞද්ගලික රුපවාහිනි නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ විවාහය ප්‍රමාදය සම්බන්ධයෙන් තමාට පියාගෙන් බැනුම් අසන්නට සිදු ව ඇති බවයි. 

ජනබලය කොළඹට ගෙන ඒමේ සැලසුම් සම්බන්ධයෙන් තමන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් බැනුම් නොඇසු බව හෙතෙම කියා සිටියේය.  කෙසේ වෙතත් ලබන වසරේදී තමාගේ විවාහය සිදු වේවි යැයි නමුත් අරලියගහ මන්දිරයේ නොවන බව ද කරුණු හෙළී කරයි.  
 
ජනබලය මෙන්ම අවසාන මොහොතේ තැන පවසන්නම් යනුවෙන්ද මන්ත්‍රී නාමල් වැඩිදුරටත් එහිදී කියා සිටියේය. ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *