සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් අතරතුර ජනතාව නැගිට ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, ඒවා කෘතිමව සකස් කරන ලද දේවල් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා පවසයි.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට දැඩි ස්වරයෙන් පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, දේශපාලන ප්‍රතිවාදීන් විසින් ජනතාව නොමඟ යැවීම සඳහා මෙවැනි සංස්කරණය කරන ලද වීඩියෝ ප්‍රචාරය කරන බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය හමුවේ බියට පත් වූ පිරිස් මෙවැනි පහත් ක්‍රියා සිදු කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
“සජිත් ප්‍රේමදාස මහතා කතා කරන කොට මිනිස්සු නැගිටලා යනවා කියන්නේ පට්ටපල් බොරුවක්.සමහරුන්ට දරාගන්න බැහැ. ඒ නිසා තමයි මේ වගේ කෘතිම දේවල් හදලා මඩ ගහන්නේ,” යැයි පවසමින් මන්ත්‍රීවරයා ප්‍රශ්නය නැගූ මාධ්‍යවේදියාට ද දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.














