ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
තමන් විසින් මීට පෙර ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කරුණු පැහැදිලි කිරීම සඳහා රහුමාන් මහතා ඊයේ (13) කොමිසම හමුවේ පෙනී සිටියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබූ මෙම කොමිෂන් සභාව, 2009 වසරේ සිට මේ දක්වා සිදු වූ ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව විමර්ශනය කරයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති. මේ වන විට කොමිසම විසින් පුද්ගලයන් 60කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සියයකට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තිබේ.