යුද ගැටුම් හේතුවෙන් දිගු කාලයක් පුරා විනාශ වී පැවති මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ වලංචියන්කුලම වැව යළි ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාව වෙත භාරදීමේ උත්සවය 2026 ජූලි 20 දින සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ රුපියල් මිලියන 26ක වියදමින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය යටතේ වැව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඒ හරහා කලක් පුරන්ව පැවති කුඹුරු ඇතුළු අක්කර 180ක පමණ වගා භූමි යළි කෘෂිකර්මයට යොදාගැනීමටත්, ගොවි පවුල් 90කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමිවීමටත් නියමිතය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. තිලගනාදන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.














