සමාජයේ ‘මී උණ’ (Leptospirosis) ලෙස හැඳින්වෙන බෝවන රෝගය ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන අතර, එයින් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
ගොවීන්, කුඹුරු හා මඩබිම් ආශ්‍රිතව සේවය කරන පිරිස්, කානු පද්ධති පිරිසිදු කරන්නන් මෙන්ම ජලාශ හා වගුරුබිම් ආශ්‍රිතව ගැවසෙන පිරිස් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. මඩ සහිත පරිසරයක වැඩ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් මත ‘ඩොක්සිසයික්ලීන්’ (Doxycycline) ඖෂධය ලබාගැනීමෙන් රෝගය වළක්වා ගත හැකි අතර, උණ සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙස එම සංගමය ඉල්ලා සිටී.














