දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් දැඩි ආර්ථික හානියකට ලක්වූ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපොළ හිමියන්ගේ ජීවනෝපාය යළි නඟාසිටුවීම වෙනුවෙන් රජය විසින් මූල්‍යාධාර ප්‍රධානය කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාවට නංවන ලදී. මඩකළපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහනේදී අගතියට පත් ගොවීන් තෝරාගත් පිරිසකට රුපියල් මිලියන 9.55ක වටිනාකමකින් යුත් මූල්‍යාධාර පිරිනැමීම සිදුවිය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික් ලේකම් ජේ.එස්. අරුල්රාජ් මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන, ස්වාභාවික ආපදා හමුවේ කඩා වැටුණු දේශීය ධීවර කර්මාන්තය සහ ඉස්සන් අපනයන ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් සිදුකරන ලද්දකි. ව්‍යසනයෙන් පසු පීඩාවට පත් පවුල්වල ආර්ථික ස්ථාවරත්වය සහ නිෂ්පාදන ක්‍රියාවලිය යළි පණගැන්වීම මෙම ආධාර බෙදාදීමේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම මූල්‍යාධාර ප්‍රදානය කිරීමත් සමඟ පීඩාවට පත් ගොවිපොළ හිමියන්ට යළි සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ශක්තිය හිමිවන අතර, රජයේ මැදිහත්වීම මත මෙවැනි ආපදා සහන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් දිස්ත්‍රික්කයේ සමස්ත කෘෂි-ධීවර ආර්ථිකය ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී සිදුවිය හැකි ආපදා කළමනාකරණය සහ සහන ක්‍රියාවලිය සඳහා වඩාත් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවයද මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
















