මුල්ලේරියාව, නිර්මාවෙල, පොකුණුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි චමෝද් නමැති තරුණයා ගඟේ දියේ ගිලී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් දැඩි සැකයක් පළ කර තිබේ.
පසුගිය අගෝස්තු 29 වනදා සවස අතුරුදන් වූ මෙම තරුණයාගේ මෘත දේහය දින දෙකකට පසු කොහිලවත්ත ප්‍රදේශයට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත. මියගිය තරුණයාගේ ශරීරයේ “වරමක්” ඇති බවට මීට පෙර අලව්ව ප්‍රදේශයේ ඇදුරෙකු පැවසූ බවත්, එම “වරම” ඉවත් කිරීම සඳහා කොස්ගම ප්‍රදේශයේ “මෑණියන්” ලෙස පෙනී සිටි කාන්තාවක් නිවසට ගෙන්වා ශාන්ති කර්මයක් සිදුකර ඇති බවත් ඥාතීන් සඳහන් කරයි. ශාන්ති කර්මයෙන් පසු අදාළ කාන්තාව ඇතුළු පිරිස තරුණයා සමඟ ගඟට දිය නෑමට ගොස් ඇති අතර, එහිදී මත්පැන් සහ දුම්වැටි භාවිත කරමින් සිටින වීඩියෝ දර්ශන ද පවතින බවත්, ඉන්පසු දියේ ගිලී සිදු වූ මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවත් පවුලේ අය අවධාරණය කරති.














