2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය. එම විද්‍යාලය සිය ක්‍රීඩා ඉතිහාසයේ ජාතික යොවුන් බොක්සිං සමස්ත ශූරතාවක් දිනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
පසුගිය 14 වැනිදා සිට දින 5ක් පුරාවට දියගම බොක්සිං ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේදී, නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයින් රන් පදක්කම් ත්‍රිත්වයක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් මෙම ජයග්‍රහණය තහවුරු කළහ.
නාලන්දා විද්‍යාලයට රන් පදක්කම් දිනා දුන් ක්‍රීඩකයින් ලෙස කි.ග්‍රෑ. 47-50 බර පන්තිය නියෝජනය කළ ජී.වී.පී මිහිරාන්, කි.ග්‍රෑ. 55-60 බර පන්තිය නියෝජනය කළ එල්.එන්.පී කුලරත්න සහ කි.ග්‍රෑ. 60-65 බර පන්තිය නියෝජනය කළ එල්. එම්. එස් මිහිරාන් යන අය කටයුතු කළහ. මීට අමතරව, කි.ග්‍රෑ. 55-60 බර පන්තිය නියෝජනය කළ එල්.එන්.පී. කුලරත්න මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.
















