සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.එච්. පියසුමන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඉටුකරනු ලබන සේවාවන් සහ පවතින ගැටළු පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විමසා බැලීය.
මාතෘ හා ළමා සෞඛ්‍ය, පෝෂණය, බෝ නොවන රෝග පාලනය, දන්ත සෞඛ්‍ය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝව කරුණු සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සහයෝගීතාවයෙන් වර්ෂයකට දෙවතාවක් සිදුකරනු ලබන ඩෙංගු මදුරු මර්දන වැඩසටහන පිළිබඳව කාර්ය මණ්ඩලය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. නිවාස හා පරිශ්‍ර විසි දහසක් ආවරණය වන පරිදි එක් දිනකදී පැය තුනක් තුළ මෙම පරීක්ෂාවන් සිදුකරමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත්, මෙහි සාර්ථකත්වය හේතුවෙන් අමතර පරීක්ෂාවන්ගේ අවශ්‍යතාවයක් මේ දක්වා ඇති නොවූ බවත් පෙන්වා දෙන ලදී.
නිර්මාණාත්මක අදහස්වලින් සේවය කරන මෙවැනි සෞඛ්‍ය වෘත්තිකයන් නිදහස් සෞඛ්‍ය සේවාව තුළ රාජකාරියේ නියැලීම අතිශය වැදගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ හැත්තෑ පන්දහසක ජනගහනයකට සේවය සැපයීම සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි කොට්ඨාශ 25ක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ 05ක් ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.
















