සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද දින ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙත ගොස් එහි විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
විහාරස්ථානයට පැමිණි අමාත්‍යවරයාව උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව අමාත්‍යවරයා නායක හිමිපාණන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත විය. රටේ පවතින වත්මන් තත්ත්වය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සිදුකෙරෙන වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් නායක හිමිපාණන් වහන්සේගේ අවවාද හා අනුශාසනා ලබා ගත්තේය.
















