සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් ආචාර්ය නයියර් නසීර් මහතා අතර නිල හමුවක් ඊයේ (08) අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී දෙරටේ ඖෂධ සැපයුම, වෛද්‍ය ශිෂ්‍යත්ව, වෘත්තීය පුහුණුව මෙන්ම වෛද්‍ය උපකරණ හුවමාරු කරගැනීමේ ව්‍යාපෘති කඩිඩනමින් ඇරඹීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මීට අමතරව, දෙරටේ සංචාරක ව්‍යාපාරය සහ මහජන සබඳතා නැංවීම වෙනුවෙන් විශේෂ වාර්තා චිත්‍රපට, සංස්කෘතික වැඩසටහන් සහ ටෙලි නාට්‍ය හුවමාරු කරගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශ අතර ඇති කර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට ද මෙහිදී එකඟතාව පළ කෙරිණි.
සාකච්ඡා කරන ලද සියලුම ක්ෂේත්‍රයන් සඳහා පාකිස්ථානයේ අඛණ්ඩ සහයෝගය සහතික කළ මහකොමසාරිස්වරයා, ඉදිරියේදී පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වන ලෙස ද අමාත්‍යවරයාට නිල ආරාධනයක් පිරිනැමීය.
















