රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන ඕනෑම අයෙකු දූෂිතයෙකු හෝ හොරෙකු ලෙස හංවඩු ගැසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව විසින් තෝරාගත් පිරිසක් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවයි. පාලක පක්ෂය විසින් සිය දේශපාලන විරුද්ධවාදීන් සතුරන් ලෙස දකින බවත්, එම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නීතිය අවභාවිත කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















