මහත් ආන්දෝලනයකට තුඩුදුන් එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ. මීට පෙර අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති අතර, අදාළ නඩුකරය අද (16) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.
මෙම අධිකරණ ක්‍රියාවලිය හරහා නීතියේ ආධිපත්‍යය සහ විනිවිදභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් රට තුළ දැඩි අවධානයක් යොමු වී ඇති අතර, ඉදිරි නඩු විභාග හමුවේ තවත් තීරණාත්මක තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙේ. මෙවැනි සංවේදී නඩුකර රටේ දේශපාලන සහ අධිකරණ ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.














