“ඉන්දියන් සාගර සියවස” ලෙස හැඳින්වෙන නව ගෝලීය යුගයේ ශ්‍රී ලංකාව ප්‍රධාන ආර්ථික හා උපායමාර්ගික මධ්‍යස්ථානයක් බවට පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිංගප්පූරුවේ පැවති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා සමුළුව අමතමින් ඔහු කියාසිටියේ, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය පාලමක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම තම අපේක්ෂාව බවයි. නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය හරහා තරුණ පරපුරට වැඩි අවස්ථා ලබාදෙමින් ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමුඛ භූමිකාවක් ඉටුකිරීමට රට සූදානම් විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
















