සම්බුද්ධ ශාසනයේ ගෞරවය ආරක්ෂා කර ගැනීම අද වන විට මහා සංඝරත්නයට මුහුණ දීමට සිදුව ඇති විශාලතම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද (13) ත්‍රිකුණාමලය, වාන්ඇල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව විසින් උපක්‍රමශීලීව සම්බුද්ධ ශාසනයේත්, විහාරස්ථානයන්හිත්, නායක ස්වාමීන් වහන්සේලාගේත් ගෞරවය කෙළෙසන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පවතින බවයි.















