වත්මන් රජය දක්ෂ රාජ්‍ය නිලධාරීන් පසෙකට කරමින් අකාර්යක්ෂම ලෙස කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. අස්වැසුම ප්‍රතිලාභ පවා අදාළ ගිණුම් වෙත නිසි ලෙස බැර කිරීමටවත් ආණ්ඩුවට නොහැකි වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රජය ජනතාවට බොරු කියන බව දැන් ඔවුන් විසින්ම පිළිගනිමින් සිටින බව ද සඳහන් කළේය. ඇතැම් පිරිස් ප්‍රසිද්ධියේම තමන් බොරු කී බවත්, එය අවබෝධයෙන් කළ දෙයක් බවත් පවසන බව පවසන රාජපක්ෂ මහතා, මෙම ක්‍රියාකලාපය හරහා රටේ පාලනය අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.













