පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඇතැම් අමාත්‍යවරුන් තව ටික දවසකින් තමා හිරේ යන බවට ප්‍රකාශ කරමින් සිටින බවයි.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු. එයාද දන්නෙ නෑ නඩු තීන්දුව දෙන්නෙ. මම අද වෙනකන් හිතාගෙන හිටියෙ නඩු අහන්නෙ ගරු අධිකරණය කියලා. අපි විශ්වාස කරන්නෙ අධිකරණය. හැබැයි ඇමතිවරයා කියන්නෙ…” යනුවෙන් සඳහන් කරමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ එවැනි ප්‍රකාශයන් දැඩි ලෙස විවේචනය කර තිබේ.
















