වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ රටේ ජනතාව දැඩි අසරණභාවයට පත්ව සිටින බවත්, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව දරිද්‍රතාවය 25%ත් 30%ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජනතාව ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, ආර්ථික ඝාතකයින් පිළිබඳව කතා කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.
















