ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ තමන්ව බන්ධනාගාරගත කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත්, යම් හෙයකින් එවැන්නක් සිදු වුවද පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්ය.
පක්ෂ මූලස්ථානයේ පැවැති පුහුණු වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ගම් මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා පක්ෂ සංවිධාන ජාලය ශක්තිමත් කර ඇති බවයි. සිරගත කළද පක්ෂයේ කටයුතු අඩපණ නොවන බව පෙන්වා දුන් ඔහු, ශාඛා සමිති, බල මණ්ඩල සහ දිස්ත්‍රික් රැස්වීම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් සකසා ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.














