ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගියද, මෙරට ආණ්ඩුව දිගින් දිගටම තෙල් මිල ඉහළ දැමීම ආණ්ඩුවේ නොහැකියාව සහ වංචා දූෂණවල ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් ආණ්ඩුව සිය අසමත්කම් වසා ගැනීමට මර්දනය පාවිච්චි කරන බවයි.
ලෝකයේ අනෙක් රටවල් තෙල් මිල අඩු කරන විට, ශ්‍රී ලංකාව සෑම මසකම මිල ඉහළ දමන්නේ ආණ්ඩුවේ හොරකම් සහ වංචා හේතුවෙන් ඇතිවූ පාඩුව ජනතාව මත පැටවීමට බව ඔහු චෝදනා කරයි.
ආණ්ඩුවේ වැඩ බැරිකම වසා ගැනීමට මර්දනය යොදා ගන්නා බවත්, රජයේ ආයතනවලින් මුදල් හැකර්වරුන් හරහා සොරාගැනීම සහ බාල ගල් අඟුරු ගෙන්වීම වැනි දූෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬ බවත් ඔහු පැවසීය.රට පුරා ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් වැඩි වුවද, ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් සිදු නොකරන බව ඔහු පෙන්වා දුන්නේය.ජනතාවගේ පීඩනය: අසීමිත බදු බර සහ ජීවන වියදම හමුවේ ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බවත්, ඇතැම් දෙමාපියන් දරුවන් වෙනුවෙන් තම වේල් ගණන සීමා කරමින් ජීවත් වීමේ කටුක යථාර්ථයට මුහුණ දී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















