මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සිරගතව සිටින ඉරාන නොබෙල් සාම ත්‍යාගලාභී නර්ගෙස් මොහමඩි (Narges Mohammadi) මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහීම හේතුවෙන් ඇයව ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් සහිත රෝහලක් වෙත මාරු කරන ලෙස ඇගේ පවුලේ අය සහ නොබෙල් සාම ත්‍යාග කමිටුව ඉල්ලීමක් කරයි.
54 හැවිරිදි මොහමඩි මහත්මියට හෘදයාබාධයක රෝග ලක්ෂණ සහ රුධිර පීඩනය පහළ යාම වැනි බරපතල සෞඛ්‍ය ගැටලු පවතින අතර, ඇයව ඉරානයේ සැන්ජාන් (Zanjan) ප්‍රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, ඇගේ පවුලේ අය පවසන්නේ ඇයට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බැවින් ටෙහෙරාන් (Tehran) අගනුවර පිහිටි රෝහලක් වෙත ඇයව මාරු කළ යුතු බවයි.
ඇය අවස්ථා 13කදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වසර 31ක සිරදඬුවමකට ද යටත් කර ඇත. නොබෙල් සාම ත්‍යාග කමිටුවේ ප්‍රධානී ජොර්ගන් වට්න් ෆ්‍රයිඩ්නස් (Jorgen Watne Frydnes) මහතා පවසන්නේ ඇය තවමත් දැඩි අවදානමක පසුවන බවයි.














