ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැවති පුරප්පාඩු සඳහා බඳවා ගත් නව නිලධාරීන් 19 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
2025 වසරේදී කැබිනට් අනුමැතිය හිමි වූ නව බඳවා ගැනීම් 109 ක වැඩසටහන යටතේ සම්මුඛ පරීක්ෂණ මඟින් සුදුසුකම් ලබා පුහුණු කරන ලද නිලධාරීන් පිරිසකට මෙම පත්වීම් ලබා දී ඇති අතර, මින් ඉදිරියට දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන් 7 දෙනකු, දිස්ත්‍රික් මනෝ සමාජ නිලධාරීන් 10 දෙනකු සහ ගිණුම් සහකාරවරුන් දෙදෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවයට එක් වේ. මෙම නව බඳවා ගැනීම් හරහා මෙරට ළමා ආරක්ෂාව සහ ඒ සම්බන්ධ රාජකාරි කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















