ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව, මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම කාලය තුළ ඩෙංගු මරණ 35ක් වාර්තා වී ඇත.
එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,253 දෙනෙකු හඳුනාගෙන ඇති බව එම ඒකකය පවසයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,811ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,443ක් වාර්තා වී තිබේ.
















