සමාජය තුළ පරස්පර ගෞරවය, සමානාත්මතාවය සහ ජාතික සමගිය ගොඩනැගීම සඳහා භාවිත කළ හැකි ප්රබලතම මෙවලම අධ්‍යාපනය බව අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාව සංවිධානය කළ 2026 මිලාද්-උන්-නබි උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මිලියන 21.7කට අධික විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ මෙම විවිධත්වය රටේ ලොකුම ශක්තිය ලෙස සැලකිය යුතු බවයි. නිදහස් අධ්‍යාපනය මඟින් පවුල් පසුබිම කුමක් වුවත් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාගැනීමේ මාවත විවර කර ඇති බව පැවසූ ඇය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විෂය නිර්දේශ මෙන්ම ඉගැන්වීමේ ක්‍රමවේදයන් ද වෙනස් කරමින්, අන් සංස්කෘතීන් ගරු කරන සහ ආත්මවිශ්වාසයෙන් යුත් අනාගත පරපුරක් බිහි කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව වැඩිදුරටත් අවධාරණය කළාය.













