සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරමින් WhatsApp සහ Facebook සමූහයන් පවත්වාගෙන ගිය 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකය විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සමූහයන්ට සම්බන්ධ වී ඇති පිරිස් තම පවුල්වල සාමාජිකයන් ගැන පවා විකෘති අදහස් පළ කර ඇති බව සිදුකළ සොයාබැලීම්වලදී අනාවරණ වී ඇති අතර, මෙවැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තවත් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව විමර්ශන නිලධාරීන් පවසයි.












