• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 25කට පසු ජාතික පරිසර පනත අලුත් වෙයි

නීති කඩන පළාත් පාලන ආයතනවලටත් දැඩි දඩ

16 June 2026
in දේශීය, පුවත්
වසර 25කට පසු ජාතික පරිසර පනත අලුත් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර විසිපහකට අධික කාලයකින් පසුව සංශෝධනය කෙරෙන “ජාතික පාරිසරික පනත් කෙටුම්පත” ලබන ජූනි 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේය. පරිසරවේදීන්, කර්මාන්තකරුවන්, නීතිවේදීන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ විද්වතුන් රැසකගේ අදහස් ලබාගනිමින් සකස් කළ මෙම නව සංශෝධනය පාරිසරික ක්ෂේත්‍රයේ සියලු දෙනා ලැබූ විශාල ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම නව පනත මඟින් පරිසරය සුරැකීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සතු වගකීම නීත්‍යනුකූලව තහවුරු කර ඇති අතර, පැවරෙන විධාන පැහැර හරින ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට හිමි වේ. එහිදී වරද නිවැරදි කිරීමට අධිකරණය දෙන නියෝග කඩ කරන ආයතන වෙත ඉහළ දඩ මුදල් පැනවීමේ බලය මහේස්ත්‍රාත්වරයාට පැවරෙනු ඇත.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ දැඩි කාර්මික අනතුරක් වැළැක්වීමට අපොහොසත් වීම මත කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමීමේ ආඥා ලබා ගැනීමට නව පනතින් ප්‍රතිපාදන සලසා ඇත. එමෙන්ම උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා තාක්ෂණික විද්‍යුත් කමිටුවල අධීක්ෂණය යටතේ දැඩි නීතිරීති පැනවෙන අතර, පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා සඳහා අසත්‍ය තොරතුරු සැපයීම සහ අනුමැතියකින් තොරව ව්‍යාපෘති වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ. මීට අමතරව භාණ්ඩයක ජීවන චක්‍රය කළමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත පවරන ‘නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම’ සංකල්පය සහ තෙත්බිම් සංරක්ෂණය සඳහා නව නීති පද්ධතියක් ද මෙයට ඇතුළත් වේ.
2025 වසරේදී කැබිනට් අනුමැතිය හිමිවූ මෙම පනත් කෙටුම්පත, 2026 අප්‍රේල් 22 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර මැයි 06 වැනිදා පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මතු පරපුර උදෙසා සදාහරිත ජීවිතයක් තිළිණ කිරීමේ අරමුණින් ගෙනෙන මෙම පනත සම්මත කර ගැනීමට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය මෙවර ශ්‍රී ලංකාවේදී

Next Post

බෙල්ජියම් – ඊජිප්තු පාපන්දු සටන ගෝල 1-1කින් සම වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර 25කට පසු ජාතික පරිසර පනත අලුත් වෙයි

බෙල්ජියම් - ඊජිප්තු පාපන්දු සටන ගෝල 1-1කින් සම වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved