මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ, සෞඛ්‍ය සේවයේ වෘත්තීය කාණ්ඩ 4කට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නව පත්වීම් 1,444ක් ප්‍රදානය කිරීම අගෝස්තු මස 01 වැනි දින පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
මෙහිදී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන ක්ෂේත්‍ර යටතේ වෛද්‍ය සැපයීම් සහකාර, වාට්ටු ලිපිකරු, සෞඛ්‍ය රියදුරු ඇතුළු වෘත්තිකයින් පිරිසක් සඳහා මෙම පත්වීම් හිමිවේ.














