අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි නියෝජිතයන්ගේ දරුවන් සඳහා 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මඟින් පිරිනැමෙන අධ්‍යාපනික ආධාර වැඩසටහනට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් (06) මූල්‍යමය අනුග්‍රහයක් ලබා දී තිබේ.
ඊට අදාළ චෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා මහතා විසින් ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා වෙත භාර දෙනු ලැබ ඇත. ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 23 වැනි දා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය. ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින් ලොතරැයිපත් අලෙවි නියෝජිතයන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ සඳහා අයදුම්පත් යොමු කිරීමට පහසුකම් සලසා දී ඇත.













