• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ආරක්‍ෂක සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

19 May 2023
in දේශීය

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ජාතික ආරක්‍ෂක සමුළුව 2023 පසුගිය 17 වනදා රත්මලාන ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පස්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. 

රටේ අභිවෘද්ධිය සඳහා පර්යේෂණ සහ ඒ ආශ්‍රිත අධ්‍යයනයන් දිරිමත් කරන ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙහිදී ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙ හි මෙම දැවැන්ත උත්සාහය අගය කළේය.

සම්භාවනීය කථිකයින් රැසකගෙන් සමන්විත වූ මෙම සැසිවාරය තුල තම දැනුම හා අත්දැකීම් බෙදා හදා ගන්නා ලදී.

“සෞභාග්‍යමත්, සුරක්‍ෂිත සහ ස්ථාවර ශ්‍රී ලංකාවක් සඳහා දූෂණය පිටුදැකීම”, “දූෂණය පිටුදැකීම සඳහා පරිපාලන සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණයේ වෙනසක් ඇති කිරීම”, ” ස්වාධීන හා කාර්යක්ෂම නීතිය ක්‍රියාත්මක කිරීම සදහා විනිවිධ භාවයකින් හා ශක්තිමත් නීති පද්ධතියක අවශ්‍යතාවය”, “නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා කාර්යක්ෂම හා ඵලදායී පරිපාලනය”, “දේශගුණික සයිබර් තාක්‍ෂණය: ආරක්‍ෂක මානයන් වෙනස් කිරීම,” “දේශගුණික විපර්යාස: මෙම තීරණාත්මක දශකයේ ක්ෂණික ගෝලීය ක්‍රියාමාර්ග”,”සයිබර් තාක්‍ෂණයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ සයිබර් ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා වේගවත් ප්‍රතිචාර දැක්වීම” සහ තවත් මාතෘකා කිහිපයක් මෙම සැසිවාරයේදී සාකච්ඡාවට ලක් විය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති,කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පති, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , බුද්ධි අංශ නිලධාරීන්, බුද්ධිමතුන් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 19
Previous Post

රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

editor

editor

Next Post

දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved