ජූලි 13 වනදා සිට 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ “ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය” වැඩසටහන ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලය විසින් අවලංගු කර තිබේ.
මීට පෙර කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, මහරගම සහ කෝට්ටේ කලාප කේන්ද්‍ර කරගනිමින් හිඟ ජල බිල්පත් අයකර ගැනීමේ විශේෂ මෙහෙයුමක් ලෙස මෙම සතිය ප්‍රකාශයට පත් කර තිබුණි. කෙසේ වෙතත්, එම වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර තිබූ සියලු නිවේදන තවදුරටත් වලංගු නොවන බව ජල සම්පාදන මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
මෙම අවලංගු කිරීම හේතුවෙන් ජල පාරිභෝගිකයින්ට යම් අපහසුතාවයක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.
















