ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට සංචාරක සහ සත්කාරක ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා උදාකර දීම සඳහා ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (SHMA) අතර පවතින අවබෝධතා ගිවිසුම අද (14) යාවත්කාලීන කෙරිණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මෙම අත්සන් තැබීමේ අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බී.ඒ. ගාමිණී වික්‍රමපාල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමියේ සාමාන්‍යාධිකාරිනී ඩැනියෙලා මුණසිංහ මහත්මිය එක්ව සිටියහ. මෙම ඒකාබද්ධ ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වන්නේ දිවයින පුරා සිටින තරුණ ප්‍රජාව වෙත ලෝකයේ ඉහළම පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙමින් ඔවුන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමයි.














