ජාතිවාදී බලවේග විවිධ මාදිලියෙන් දේශපාලන බලය අත්පත් කරගැනීමට සූක්ෂ්ම උත්සාහයක නිරත වෙමින් සිටින බව ජන බලය ක්‍රියාකාරී කමිටු සාමාජික විදර්ශන කන්නන්ගර මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දුන්නේ, පවතින සමාජයීය සහ ආර්ථික වටපිටාව තමන්ට වාසිදායක ලෙස පරිවර්තනය කරගැනීමට මෙම බලවේග ක්‍රියා කරමින් සිටින බවයි. මේ හේතුවෙන් ජාතික සමගිය සහ දේශපාලන ස්ථාවරත්වය සුරැකීම වෙනුවෙන් මහජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව ඔවුහු අවධාරණය කරති.
















