නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමග සැකකරුන් 04ක් කල්පිටියේදී නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇත.
කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ අද ( 05) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ තීරයට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රා තුල නීතී විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කරන ලද උර 31ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1026ක පමණ තොගයක් සොයා ගන්නා ලද අතර, එම වියළි කහ තොගය සමඟ ඩිංගි යාත්‍රා දෙක (02) සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ත් 41ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් සහ වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
Navy apprehends 04 suspects with about 1026kg of smuggled dried turmeric in Kalpitiya
A special operation conducted by the Navy in Eththale, Kalpitiya this morning (05th September 2021) made way to the seizure of about 1026kg of dried turmeric stock attempted to be smuggled in. The Navy also collared 04 suspects and took hold of 02 dinghies in connection to the incident.
During this special operation carried out by Sri Lanka Naval Ship (SLNS) Vijaya in the Northwestern Naval Command, in the beach area of Eththale this morning (05th September), 02 dinghies approaching the beach were searched on suspicion. Accordingly, the Navy recovered about 1026kg of smuggled dried turmeric stock stuffed in 31 sacks loaded in the dinghies and the recovery led to the apprehension of 04 suspects along with the 02 dinghies used for this illegal act.
The operation was conducted in compliance with COVID-19 protocols in force for the prevention of the pandemic transmission. The accused held in the operation were identified as residents of Kalpitiya, from 29 to 41 years of age. The suspects together with the dried turmeric stock and dinghies will be handed over to the Customs Preventive Office in Sinnapadu for onward legal action.