27 April 2024
#දේශීය

කොවිඩ් ආසාදිතව ග්‍රාම නිලධාරින් පස්දෙනෙකු මිය ගියා – සුමිත් කොඩිකාර

කොවිඩ් ආසාදනය විමෙන් මෙරට ග්‍රාම නිලධාරින් පස්දෙනෙකු මියගොස් පන්සියයට වැඩි පිරිසකට මේ වන විට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබියදී තවත් ග්‍රාම නිලධාරීන් ගණනාවක් නිරෝධායනයට යොමුකර සිටින බවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ දැඩි කැපවීමෙන් දාහතරදහකට අධික සියලුම ග්‍රාම නිලධාරීන් තම සේවය නොපිරිහෙලා සිදු කරන බවයි.

අනෙක් සියලු දෙනාට විවිධ දිමනා පහසුකම් ලැබෙන නමුත් අපට ඒ කිසි දෙයක් නොලැබෙන බව හෙතෙම පැවසිය.

ජනතාවට ආධාර ලබා දිම්,එන්නත්කරණ වැඩසටහන් ආදිය පිළිබදව නිරතුරුව ජනතාව සමග සියලු කටයුතු කරන්නේ ග්‍රාම නිලධාරින් නමුත් ඒ පිරිසට ලැබිය යුතු නිසි දේවල් නොලැබෙන බව කොඩිකාර මහතා මෙහිදී පැවසිය.

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *