ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව 2026 ජූලි මස 30 වැනි දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නීති සීමාව නොමැති හක්බෙල්ලන් තොගයක් නිවෙස්වල රඳවාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නීතියේ රැහැට හසු කර ගැනීමට කටයුතු කර තිබේ.
වයඹ නාවික විධානයට ලද විශ්වාසනීය තොරතුරකට අනුව, කල්පිටිය පොලිසිය සහ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. එහිදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවෙස් දෙකක් (02) පරීක්ෂාවට ලක් කළ අතර, එම නිවෙස් තුළ ගබඩා කර තිබූ, ලීටර් 70ක් පමණ වන අනුමත නීති සීමාව නොමැති හක්බෙල්ලන් සහිත උර හතළිස් හයක් (46) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නීතියේ රැහැට හසු කර ගෙන ඇත.
මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35ක් සහ 54ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සහ හක්බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
















