මහවැලි ගඟේ ජල මට්ටම මේ වනවිට පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ, කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද පස්වරු 3ට විවෘත කිරීමට නියමිත බවය. පවතින වැසි තත්ත්වය සහ ජලාශවලින් ජලය මුදා හැරීම හේතුවෙන් මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.














